ජ්‍යාමිතිය

ප්‍රමේයයන් සහ සිද්ධාන්ත

ප්‍රමේයය

එක සරල රේඛාවක් තවත් සරල රේඛාවකට හමුවීමෙන් සෑදෙන බද්ධ කෝණ දෙකේ ඓක්‍යය සෘජුකෝණ දෙකකට සමාන වේ.

ABCDab

AB̂D + DB̂C =

සෘජුකෝණ 2 යි.

a + b = සෘජුකෝණ 2 යි.

a + b = 180°

ප්‍රමේයය

සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වූ විට සෑදෙන ප්‍රතිමුඛ කෝණ යුගල සමාන වේ.

ABCDOabcd

AÔC = BÔD

AÔD = BÔC

a = c සහ b = d

ප්‍රමේයය

සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන අනුරූප කෝණ යුගලයක් සමාන වේ නම් හෝ ඒකාන්තර කෝණ යුගලයක් සමාන වේ නම් හෝ මිත්‍ර කෝණ යුගලයක ඓක්‍යය සෘජුකෝණ දෙකකට සමාන වේ නම් හෝ එම සරල රේඛා යුගලය සමාන්තර වේ.

ABCDEFabcdefgh

a = e නම් හෝ

b = f නම් හෝ

c = g නම් හෝ

d = h නම් හෝ

AB // CD වේ.

d = f නම් හෝ c = e නම් හෝ AB // CD වේ.

c + f = 180° නම් හෝ

d + e = 180° නම් හෝ AB // CD වේ.

ප්‍රමේයය

සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන අනුරූප කෝණ සමාන වේ.ඒකාන්තර කෝණ සමාන වේ. මිත්‍ර කෝණ යුගලයක ඓක්‍යය සෘජුකෝණ දෙකකට සමාන වේ.

ABCDEFabcdefgh

(i) AB // CD නම්

a = e

b = f

c = g

d = h

(ii) AB // CD නම් d = f සහ c = e වේ.

(iii) AB // CD නම්,

c + f = 180° සහ,

d + e = 180° වේ.

ප්‍රමේයය

එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා අන්තර්ගත කෝණයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංගසම වේ. (පා.කෝ.පා.)

ABCRQP

ABC හා PQR Δ වල

AB = PQ

BC = QR

AB̂C = PQ̂R

∴ ABC Δ ≡ PQR Δ

(පා.කෝ.පා. අවස්ථාව)

ප්‍රමේයය

එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංගසම වේ. (කෝ.කෝ.පා.)

MKLZYX

KLM හා XYZ Δ වල

MK̂L = YẐX

LM̂K = XŶZ

MK = YZ

∴ KLM Δ ≡ XYZ Δ

(කෝ.කෝ.පා. අවස්ථාව)

ප්‍රමේයය

එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංගසම වේ. (පා.පා.පා.)

CABFDE

ABC හා DEF Δ වල

AB = DE

BC = DF

CA = EF

∴ ABC Δ ≡ DEF Δ

(පා.පා.පා. අවස්ථාව)

ප්‍රමේයය

සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් තවත් සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට සහ පාදයකට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංගසම වේ. (කර්ණ.පා.)

ABCPQR

ABC හා PQR සෘජුකෝණී ත්‍රිකෝණවල

AB = PR

BC = QR

∴ ABC Δ ≡ PQR Δ

(කර්ණ.පා. අවස්ථාව)

ප්‍රමේයය

ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි ඓක්‍යයට සමානවේ.

ABCDaba +b

AB̂C + BÂC = AĈD

ප්‍රමේයය

ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය 180° කි.

ABCabc

BÂC + AB̂C + AĈB = 180°

a + b + c = 180°

ප්‍රමේයය

පාද n ඇති බහු අස්‍රයක අභ්‍යන්තර කෝණ සියල්ලෙහි ඓක්‍යය සෘජුකෝණ (2n - 4) ක් වේ. පාද n ඇති බහු අස්‍රයක බාහිර කෝණ සියල්ලෙහි ඓක්‍යය 360° ක් වේ.

abcdefpqrstu

a+b+c+d+e+f

= සෘජුකෝණ (2n - 4)

= සෘජුකෝණ [2(6) - 4]

= සෘජුකෝණ 8

= 8 × 90°

= 720°

a+b+c+d+e+f

= 180° × (n - 2)

= 180° × (6 - 2)

= 180° × 4

= 720°

p + q + r + s + t + u = 360°

ප්‍රමේයය

ත්‍රිකෝණයක පාද දෙකක් සමානවේ නම් ඒ පාද දෙකට සම්මුඛ කෝණ සමාන වේ.

ABCbc

AB = AC වේ.

∴ AB̂C = AĈB

b = c

ප්‍රමේයය

ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඒ කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ.

ABCbc

AB̂C = AĈB වේ.

∴ AB = AC වේ.

ප්‍රමේයය

සමාන්තරාස්‍රයක (i) සම්මුඛ පාද සමාන වේ. (ii) සම්මුඛ කෝණ සමාන වේ. (iii) එක් එක් විකර්ණය මගින් සමාන්තරාස්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි.

ABCDO

ABCD සමාන්තරාස්‍රයේ

(i) AD = BC , AB = CD

(ii) BÂD = BĈD , AB̂C = AD̂C

(iii) ABD Δ ව.ඵ. = BCD Δ ව.ඵ.

ABC Δ ව.ඵ. = ACD Δ ව.ඵ.

ප්‍රමේයය

සමාන්තරාස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ.

ABCDO

ABCD සමාන්තරාස්‍රයේ

(iv) AO = OC , BO = OD

ප්‍රමේයය

චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වේ.

ABCDO

ABCD චතුරස්‍රයේ

(i) AD = BC සහ AB = DC නම්

ABCD චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වේ.

ප්‍රමේයය

චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වේ.

ABCDO

ABCD චතුරස්‍රයේ

(ii) BÂD = BĈD සහ AB̂C = AD̂C නම්

ABCD චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වේ.

ප්‍රමේයය

චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එය සමාන්තරාස්‍රයක් වේ.

ABCDO

ABCD චතුරස්‍රයේ

(iii) AO = OC සහ BO = OD නම්

ABCD චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වේ.

ප්‍රමේයය

චතුරස්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වේ.

ABCDO

ABCD චතුරස්‍රයේ

(iv) AD = BC සහ AD // BC නම් හෝ

AB = DC සහ AB // DC නම්

ABCD චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වේ.

ප්‍රමේයය (මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය)

ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව ත්‍රිකෝණයෙහි ඉතිරි පාදයට සමාන්තර වන අතර, එයින් එම පාදයෙන් අඩක් වේ.

ABCDE

AB හි මධ්‍ය ලක්ෂ්‍යය D ද

AC හි මධ්‍ය ලක්ෂ්‍යය E ද වේ.

(i) DE // BC

(ii) DE = 1/2 BC

ප්‍රමේයය (මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයෙහි විපර්යාසය)

ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂ්‍යය හරහා තවත් පාදයකට සමාන්තරව අදින රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ.

ABCDE

AB හි මධ්‍ය ලක්ෂ්‍යය D ද

DE // BC ද වේ.

එවිට AC හි මධ්‍ය ලක්ෂ්‍යය E වේ.

එනම් AE = EC වේ.

ප්‍රමේයය

එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි සමාන්තරාස්‍ර වර්ගඵලයන්ගෙන් සමාන වේ.

                                                                                                                                                                                                                                                                                                D          Q          C          P          A          B             

ABCD සමාන්තරාස්‍රයේ වර්ගඵලය = ABPQ සමාන්තරාස්‍රයේ වර්ගඵලය

ප්‍රමේයය

ත්‍රිකෝණයක් ද සමාන්තරාස්‍රයක් ද එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටා ඇත්නම් ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාස්‍රයේ වර්ගඵලයෙන් අර්ධයකට සමාන වේ.

DCEAB

ABE ත්‍රිකෝණයේ වර්ගඵලය = 1/2 ABCD සමාන්තරාස්‍රයේ වර්ගඵලය

ප්‍රමේයය

එකම ආධාරකය මත හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයන්ගෙන් සමාන වේ.

DCAB

ABC ත්‍රිකෝණයේ වර්ගඵලය = ABD ත්‍රිකෝණයේ වර්ගඵලය

ප්‍රමේයය

ආධාරක එකම සරල රේඛාවක පිහිටි පොදු ශීර්ෂයක් ඇති ත්‍රිකෝණවල වර්ගඵල ආධාරකවල දිගට සමානුපාතික වේ.

ABDC

ΔABD : ΔADC = BD : DC

ΔABD : ΔABC = BD : BC

ප්‍රමේයය (පයිතගරස් ප්‍රමේයය)

සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය සෘජු කෝණය අදාල පාද මත අඳින ලද සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ.

ABCabc

AB² + BC² = AC²

a² + b² = c²

ප්‍රමේයය

ත්‍රිකෝණයක එක පාදයකට සමාන්තරව අඳින ලද සරල රේඛාවකින් එහි ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙයි.

ADEBCxypq

ABC ත්‍රිකෝණයේ, BC // DE වේ.

එවිට, AD : DB = AE : EC එනම් AD/DB = AE/EC වේ.

x : y = p : q

x/y = p/q

ප්‍රමේයය (ඉහත ප්‍රමේයයේ විපර්යාසය)

සරල රේඛාවකින් මඟින් ත්‍රිකෝණයක පාද දෙකක් සමානුපාතිකව බෙදේ නම් ඒ සරල රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වේ.

ADEBCxypq

ABC ත්‍රිකෝණයේ, AD : DB = AE : EC වේ.

එවිට, DE // BC වේ.

ප්‍රමේයය

ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වේ.

ABC DEF

ABC සහ DEF ත්‍රිකෝණ දෙක සමකෝණී නම්,

AB/DF = BC/DE = CA/EF වේ.

ප්‍රමේයය

ත්‍රිකෝණ දෙකක පාද සමානුපාතික නම්, ඒ ත්‍රිකෝණ සමකෝණී වේ (එක් ත්‍රිකෝණයක පාද තුන, තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාතික වේ නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ).

ABC DEF

ABC සහ DEF ත්‍රිකෝණ දෙකේ AB/DF = BC/DE = CA/EF නම්,

ABC සහ DEF ත්‍රිකෝණ දෙක සමකෝණී වේ.

ප්‍රමේයය

වෘත්තයක ජ්‍යායක මධ්‍ය ලක්ෂ්‍යය කේන්ද්‍රයට යා කරන රේඛාව ජ්‍යාවට ලම්බ වේ.

OACB

AB ජ්‍යායයේ මධ්‍ය ලක්ෂ්‍යය C නම්.

AB ⊥ OC වේ'

ප්‍රමේයය

(ඉහත ප්‍රමේයයේ විලෝමය)වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජ්‍යායට අඳින ලද ලම්බයෙන් ජ්‍යාය සමච්ඡේදනය වේ.

OPTQ

OT ⊥ PQ නම්.

PT = TQවේ.

ප්‍රමේයය

වෘත්ත චාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය, එම චාපය මඟින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් වේ.

x2xCOAB

AÔB = 2AĈB

ප්‍රමේයය

වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ.

xxxPQRAB

AP̂B = AQ̂B = AR̂B

ප්‍රමේයය

අර්ධ වෘත්තයක පිහිටි කෝණය සෘජුකෝණයක් වේ.

ABPO

AP̂B = 90°

ප්‍රමේයය

වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ..

abcdABCD

ABCD චක්‍රීය චතුරස්‍රයක් නිසා

AB̂C + CD̂A = 180°

(b + d = 180°)

BÂD + BĈD = 180°

(a + c = 180°)

ප්‍රමේයය (ඉහත ප්‍රමේයයේ විපර්යාසය)

චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක නම් එම චතුරස්‍රයේ ශීර්ෂ වෘත්තයක් මත පිහිටයි.

abcdABCD

AB̂C + CD̂A = 180° ද හෝ

BÂD + BĈD = 180° ද වන්නේ නම්,

ABCD චක්‍රීය චතුරස්‍රයක් වේ.

ප්‍රමේයය

වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කළ විට සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ.

xxABCDE

AB̂C = AD̂E

ප්‍රමේයය

වෘත්තයක් මත වූ ලක්ෂ්‍යයක් ඔස්සේ අරයට ලම්බව ඇඳි රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ.

OAPQ

OA ⊥ PQ නම් PQ රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ.

ප්‍රමේයය (ඉහත ප්‍රමේයයේ විපර්යාසය)

වෘත්තයක් මත ලක්ෂ්‍යයක දී අඳින ලද ස්පර්ශකයට, එම ස්පර්ශ ලක්ෂ්‍යයේ දී ඇඳි අරයට ලම්බ වේ.

OAPQ

වෘත්තයේ කේන්ද්‍රය O වේ. A යනු ස්පර්ශ ලක්ෂ්‍යයයි. OA , PQ ට ලම්භ වේ.

OA ⊥ PQ

ප්‍රමේයය

බාහිර ලක්ෂ්‍යයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇඳිය හැකි අතර එම, (i) ස්පර්ශක දෙක දිගින් සමාන වේ. (ii) ස්පර්ශකවලින් වෘත්ත කේන්ද්‍රය සමඟ සමාන කෝණ ආපාතනය කරයි. (iii) බාහිර ලක්ෂ්‍යය හා කේන්ද්‍රය යා කරන සරල රේඛාව, ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරයි.

xxyyPABO

(i) PA = PB

(ii) PÔA = PÔB

(iii) OP̂A = OP̂B

ප්‍රමේයය

වෘත්තයකට ඇඳි ස්පර්ශකයක්, ස්පර්ශ ලක්ෂ්‍යයේ දී ඇඳි ජ්‍යායක් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමාන වේ.

ABCDE

AB̂E = AB̂C